අවවාදයයි – අද ප්‍රබල අකුණු පරිස්සම් වන්න

අවවාදයයි – අද ප්‍රබල අකුණු පරිස්සම් වන්න

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (05) දහවල් නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වනවා.

එහි දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිට්නවා.

Share This