
බැංකුවලින් ණය ගත් අයට සහ නව ණය අයදුම්කරුවන්ට සහන දෙන්න මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්
පැවති ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලාභී බැංකු මගින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා.
එහි දැක්වෙන්නේ මෑතකාලීනව ඇතිවූ සුළං සහ ගංවතුර හේතුවෙන් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව මත අනව්ශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාව සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින් තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් වූ පුද්ගලයින්ට සහන ලබාදීමේ අරමුණින් බලපත්‍ර ලාභී බැංකුකරුවන් වෙත 2025 අංක 04 දරන 2025-12-05 දිනැති චක්‍රලේඛය නිකුත් කරන බවයි.
ඒ අනුව ණය ගනුදෙනුකරුවන් අදාල බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 206-01-15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති පරිදි සහන ලබා දෙන ලෙසට මහ බැංකුව ඉල්ලීමක් කරනවා.
1. තාවකාලික ණය සහන
මහ බැංකුව දන්වා ඇත්තේ බලපෑමට ලක් වූ වත්මන් ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල සහ /හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ,ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමටයි.
මේ සම්බන්ධයෙන් ණය අත්හිටුවන කාලය තුල අදාල ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත් කල් දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍ර ලාභී බැංකුවලින් මහ බැංකුව ඉල්ලා තිබෙනවා.
බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම් ලබා දීම
බලපත්‍ර ලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ,බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට ඒ,ඒ, සිද්ධි සලකා බලමින් නව ණය පහසුකම් ලබාදෙන ලෙස බලපත්‍ර ලාභී බැංකු වලින් මහ බැංකුව ඉල්ලා තිබෙනවා.
තවද මහ බැංකුව උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් බැංකුවලින් පහත සඳහන් දෑ තහවුරු කරගන්නා ලෙසයි.
(අ) ඉහත 1 ඡේදයේ සඳහන් අත්හිටුවීමේ කාලය ඉකුත්වීමෙන් පසු අවම වශයෙන් මාස 3 ක සහන කාලයකින් පසු නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සිදුකරන ලෙසයි.
(ආ) වසර දෙකක කාලයක් දක්වා ලබා දෙන ඕනෑම ණයක් සඳහා මෙම චක්‍රලේඛයේ දිනට ණය ගනු දෙනුකරුගේ අයිරා පහසුකම් හෝ ණය පහසුකම් සඳහා අදාල ගිවිසුම්ගත පොලී අනුපාතවලින් අඩු පොලී අනුපාතය හෝ වාර්ෂිකව සියයට 9 යන අඩු අගයන් ගේ උපරිම ස්ථාවර පොලී අනුපාතය ලෙස අය කරන ලෙසත් මහ බැංකුව දැනුම් දෙනවා.
(ඇ) බලපත්‍ර ලාභී බැංකුව විසින් වසර දෙකකට වැඩි කාලයක් සඳහා මේ යටතේ ලබා දෙන ඕනෑම ණය පහසුකමක් සඳහා ණය ගනුදෙනුකරු සමග ඇතිකරගත් ණය ගිවිසුමේ දක්වා ඇති පරිදි වසර දෙකක් අවසානයේ ඇති බරිත සමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය හා සබැඳි අනුපාතිකයකට පොලී අනුපාත සංශෝධනය කරන ලෙසත් මගබැංකුව දැනුම් දෙනවා.
තුන්වන යෝජනාව ලෙස මහබැංකුව දක්වා ඇත්තේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනු කරුවන් ගේ සියලුම ණය පහසුකම්වලට අදාලව චෙක්පත් අගරුවීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු ,ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ/ප්‍රතිලේඛන ගත කිරීමේ ගාස්තු හා දඩ පොලිය අයකිරීම 2026.01.31 දක්වා අත් හිටුවන ලෙසයි.
එවැනි ගාස්තු ස්වයංක්‍රීය පද්ධතියෙන් ජනනය කරන ලද සටහන් හරහා අයකරනු ලබන විට ඒවා අයකිරීමෙන් පසු ව්‍යාපාරික දින 3 ක් ඇතුලත අදාල ගිනුමට ආපසු බැරකල යුතු බවට මහ බැංකුව බලපත්‍රලාභී බංකු වෙත අවදාරණය කරනවා.
මහ බැංකුව පවසන්නේ තවද ඕනෑම ණය ප්‍රතිව්‍යූහගත / ප්‍රතිලේඛනගත කිරීමකට අදාල නියමයන් හා කොන්දේසි සහ ණය පහසුකම් වලට අදාල මුල් ණය මුදල ,පොලිය සහ අනෙකුත් ගාස්තුවල සැකැස්මක් අනුමැතියට පෙර අදාල ණය ගනුදෙනු කරුට පැහැදිලිව දන්වා සිටින ලෙසත් මහ බැංකුව බලපත්‍ර ලාභී බැංකු කරුවන්ට දන්වා තිබෙනවා.
ඒ සදහා ණය ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් ලබාගන්නා ලෙස මහ බැංකුව අදාල බැංකු වෙතින් ඉල්ලීමක් ද සිදුකරනවා.
මහ බැංකුව පවසන්නේ ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුව හොත් බලප්ට්‍ර ලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතු වූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම් දියයුතු බවයි.
අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව මහ බැංකුව තවදුරටත් දන්වා තිබෙනවා.
ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන නව ණය අයදුම්පත් බලපත්‍රලාභී බැංකු විසින් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු බවට ද මහ බැංකුව නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන්.


