අදත් පළාත් කිහිපයකට වැසි සහ ප්‍රබල අකුණු

අදත් පළාත් කිහිපයකට වැසි සහ ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම නිවේදනය අද (06) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

 

Share This