
මොකද්ද මේ මාලිමා මන්ත්‍රීගේ දුරකතන හඬ පටය ? (VIDEO)
පොලිස් නිලධාරියෙකුට බලපෑම් කරන අයුරු දැක්වෙන දුරකථන ඇමතුම පොලිසියට තමා ලබාදුන්නේ මීට මාස 07කට පමණ පෙර බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිට්නන් සෙල්වරාජ් මහතා පවසනවා.
කිට්නන් සෙල්වරාජ් මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු පස්සර පොලිසියේ නිලධාරියෙකුට ලබාදුන් දුරකථන ඇමතුමක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීම පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දෙමින්.
වතු සමාගමකට අයත් ඉඩමක ගසක් කැපීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ බදුල්ල දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කිට්නන් සෙල්වරාජ් මහතා පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණා.
මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් කිට්නන් සෙල්වරාජ් මහතා පැවසුවේ එමඟින් පොලිස් රාජකාරියට බලපෑම් කිරීමේ කිසිඳු අදහසක් තමන් සතුව නොතිබුණු බවයි.
