ගිරු දු‍ර්ග තරණය කර අසීරු ඉලක්ක වෙත සහන සැලසීමට යුද හමුදා භට පිරිස් යතුරු පැදි මෙහෙයුමක

ගිරු දු‍ර්ග තරණය කර අසීරු ඉලක්ක වෙත සහන සැලසීමට යුද හමුදා භට පිරිස් යතුරු පැදි මෙහෙයුමක

නුවරඑළිය හා කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුල පිහිටා තිබෙන මේ වන තෙක් ප්‍රවේශ මාර්ග විවෘත කරගැනීමට අපහසු ප්‍රදේශයන් වෙත යුද්ධ හමුදා යතුරුපැදි ඛණ්ඩ යොදවා එම ජනතාවට අවැසි ආහාරපාන ලබාදීම‍‍ට වැඩපිළිවෙළක් යොදා තිබෙනවා.

මේ බොහෝ ස්ථානවල මාර්ග නාය යාමට ලක්වීම හේතුවෙන් තවමත් පවතින්නේ ලඟාවීමට අපහසු තත්ත්වයෙන්.

යුද හමුදාවේ යතුරු පැදි ඛණ්ඩ යොදවා එම පිරිස් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට පි‍යවර ගෙන තිබූ අතර ඉතා අසීරු සහ දුෂ්කර මාරග තරණය කරමින් යුද හමුදා භට ඛණ්ඩ ඒ වෙත ළඟාවී ඔවුන් වෙත සහනාධාර බෙදා දීමට අවශ්‍ය පියවර ගත්තා.

 

Share This