විනාශ වූ මහ කන්නය වෙනුවට කුඹුරු වගා කරන්න ගොවීන් බිත්තර වී ඉල්ලයි (VIDEO)

විනාශ වූ මහ කන්නය වෙනුවට කුඹුරු වගා කරන්න ගොවීන් බිත්තර වී ඉල්ලයි (VIDEO)

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වූ කුඹුරු ඉඩම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී යළිත් බිත්තර වී ලබා දීම, පොහොර සහනධාර ලබාදීම ඇතුළු කාරණා කෙරෙහිද රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව විවිධ පිරිස් පෙන්වා දෙනවා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජීවිත සහ දේපල රැසකට හානි සිදු වූ පසුබිමක ගංවතුර ඇතුළු ආපදා වල බලපෑමෙන් මෙවර මහ කන්නයේ වගා කර තිබූ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයකටද හානි සිදු වුණා.

මෙරට විශාලතම වගා කන්නය ලෙස සැළකෙන මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ (08)ක හෝ ලක්ෂ 08 (1/2) ක පමණ භූමි ප්‍රමාණයක වී වගා කෙරෙන නමුත් මෙවර මහ කන්නයේ හෙක්ටයාර 590,000 ක පමණ වී වගා කර තිබූ බටටයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

එලෙස වගා කළ කුඹුරු හෙක්ටයාර 590,000 ක පමණ ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමානයක් මේ වන විට විනාශ වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

එහිදී වැඩිම කුඹුරු වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මෙරට බහුලතම වී වගා කරන අනුරාධපුර , පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින්.

මේ අතර දිට්වා සුළිකුණාටුවේ බලපෑමට ලක්ව විනාශ වී ගිය තවත් කුඹුරු ඉඩම් රැසක් පිළිබඳව ප්‍රදේශ රැසකින් වාර්තා වූ අතර අම්පාර ආදල්ඔය පිටාර ගැලීම හේතුවෙන් කුමාරිගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 200ක පමණ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

Share This