
නුවරඑළිය ආපදා අස්සේ මැණික් ගැරීමේ ජවාරමක් – ජාවාරමුන් තේ වත්තක් වනසයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් ප්‍රදේශයේ මැණිත් ජාවාරම්කරුවන් පිරිසක් තේ වත්තක් වනසමින් රාත්‍රි කාලයේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටින බව වතු කම්කරුවන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ දිත්‍රික්කය තුල ආපදාවන් රැසක් සිදු වී තිබෙන අවස්ථාවක සියලු වග කිය යුතු නිළධාරින්ගේ අවධානය එදෙස යොමු වී තිබියදී මෙම ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බවයි.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් නෝර්වුඩ් වත්ත පහළ කොටසේ හොදින් තේ වැඩි ඇති NC කොටසේ ජාවාරම්කරුවන් පිරිසක් තේ ගස් ගලවා මැණික් ඉල්ලම් සහිත පස් රැගෙන ගොස් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගවල සෝදා විශාල පරිසර හානියක් සිදු කර ඇති බව වතුකම්කරුවන් පෙන්වා දෙනවා.
තේ වත්ත තුල විශාල වලවල් හාරා මැණික් ගැරීම හේතුවෙන් තේ දළු නෙළීමේදි එම වළවල් තුලට වැටී තුවාල සිදුවීමේ අවධානමක් පවතින බව ඔවුන් පවසනවා.
වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ තේ වත්තේ දැනට හාරා ඇති විශාල වලවල් වසා දමා තම ජීවිත වලට සිදු විය හැකි අනතුරු නැති කිරිමට පියවර ගන්නා ලෙසයි.
මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නෝර්වුඩ් පොලිසියටද අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇති නමුත් එම නීති විරෝධී පතල් කැනීම් දිගින් දිගටම සිදුවන බව වතුයායේ වතු කම්කරුවන් පවසා සිටින්නේ.


