අලුත් වාහනයක් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

අලුත් වාහනයක් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

වාහන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් , මෙම වසර අවසානයේ දී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .

“2019 අග වන විට පසුගිය රජය විදේශ විනිමය ණය අසීමිත ලෙස ගෙන තිබූ නිසාත් කොවිඩ්-19 වසංගතය නිසාත් ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට අපේ රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවුණා. ඒ් සඳහා උපයෝගී කරගත් ඒක් ක්‍රම භාවිතයක් තමයි තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මත 2020 මාර්තු 01 දින සිට ආනයන සීමා පැනවීම.මේ යටතේ මෝටර් රථ ආනයනය ද සීමා කරන්න අපට සිදුවුණා.” වශයෙන් අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත් මෙරට පැවති වාහන ප්‍රමාණයත් සමඟ අලුතින් වාහන ආනයනය කිරීමේ තහනම දිගටම පවත්වා ගැනුනත් මේ වසෙර් අවසානය වන විට ඒ පිලිබඳ නැවත සලකා බැලිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත ඒම සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියා .

Share This