හමුදාවේ 28 ක් ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න හදයි

හමුදාවේ 28 ක් ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න හදයි

හමුදා නිලධාරීන් 28 දෙනෙකු ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ අද සිය වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන බවට අද පත්තරේ වැඩසටහනේදී අවධානයට ලක් කළා.

මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර රජය පිටු 30ක ලියවිල්ලක් ඇය වෙත යවමින් එම වාර්තාව සාවද්‍ය තොරතුරු මත පදනම්ව ඇතැයි දක්වා තිබෙනවා.

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කරුණු 2ක් පමණක් මානව හිමිකම් සම්බන්ධ බවත් ඉතිරි සියලු කරුණු දේශපාලන කරුණු බවත් රජය එම ලියවිල්ලෙන් ඇයට චෝදනා කර තිබෙනවා.

වීඩියෝ තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන මෙම ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී ඇති අවස්ථාවේ, රාජ්‍ය නොවන සංවිධාන 22ක් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47ට හදිසි සන්දේශයක් යවමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර එල්. ටී.ටී. ඊ සංවිධානයේ කෲරත්වය එළිදක්වන මෙතෙක් නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බවට පත්තරේ වැඩසටහනේදී අවධාරණය කෙරුණා.

මෙම වාර්තා වැඩසටහන ඇතුළත් සියලු දර්ශන එල්. ටී.ටී. ඊ සංවිධානය සතුව තිබී හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා කරන බටහිර ලෝකයට ඇඩෙලා බාලසිංහම් නමැති බටහිර කාන්තාව ශ්‍රී ලංකාවේ උතුරේදී කුඩා දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන අන්දමද මෙහි දර්ශනය වනවා.

එමෙන්ම දරුවන් පමණක් නොවේ සුරතල් සතුන් , බල්ලන්, එළුවන් වෙඩි පුහුණුව සඳහා බිලි දෙන ආකාරයත් , බෝම්බ බැඳ පුපුරවා හරින අන්දමත් මේ දර්ශනවල සටහන් වී තිබෙනවා.

ඒවා මීට පෙර හෙළි නොවූ ඒවායි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත හා මව්බිම පුවත්පත

Share This