කොවිඩ් දත්තවල අවිධිමත් ස්වභාවය ගැන පැහැදිළි කිරීමක්
රටේම ජනතාව පීඩාවට පත් වී තිබෙන මොහොතේ තිබෙන සහ ලැබෙන පහසුකම් යටතේ මහජනතාවට සේවයක් සපයන්න අපි බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පුවත්පතකට පවසා තිබෙනවා
එමෙන්ම කොව්ඩ් සම්බන්ධව නිවැරදි දත්ත සමාජයට ලබා දෙන්නේ ද යන්න පිළිබඳ ගැටලුවක් මතු වෙනවාද යනුවෙන් අසා තිබෙන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබෙන්නේ සියයට සියයක් නිවැරදි දත්ත දෙනවා යැයි අප කියන්නේ නැහැ.
ලබා දෙන දත්ත පිළිබඳ නිශ්චිත දිනයන් පිළිබඳ පරස්පරතා ඇති වී තිබෙනවා.
විශේෂයෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා කිරීමේ දී මෙය දක්නට ලැබෙනවා.
එසේ වීමට ප්‍රධාන කාරණා දෙකක් බලපාන බවත් පළමු කරුණ ලෙස ආසාදිතයන් වාර්තා කරන්නේ ගෙවී ගිය පැය විසි හතරේ ලෙස සඳහන් වුවත්, ගෙවී ගිය පැය විසි හතර තුළ සිදුකළ PCR පරීක්ෂණ මඟින් තහවුරු වූ සංඛ්‍යාව වාර්තාවලට එකතු වෙනවා.
මේ දත්ත ආසන්න වශයෙන් දින තුනකට වඩා පසු වාර්තාවන දත්තයි.
ඇතැම් වෙලාවට දින 10ක් පමණ පැරණි දත්ත රසායනාගාරවලින් දත්ත ලැබෙන විට අවිධිමත්භාවයක් අපට පෙනෙන්නට තිබෙනවා.
සාම්පල අස්ථානගතවීම වැනි නොයෙක් ගැටලු ඇති වී තිබෙනවා.
එම නිසා දත්තවල පරස්පරතා ඇති විය හැකි බවත් පවසා තිබෙනවා
එමෙන්ම දෙවැනි කාරණය වන්නේ මරණ සම්බන්ධ දත්තයි.
කොවිඩ් ආසාදිත මරණයක් ද යන්න හඳුනා ගැනීමේ ගැටලු ක්ෂේත්රයේ කාර්යය මණ්ඩලයට සහ මහජනතාවට තිබෙනවා.
මිය ගියාට පසු එම මළ සිරුර කොවිඩ් පොසිටිව් වූ විට එය කොවිඩ් මරණයක් බව ලෝකයේ ඇතැම් රටවල් පිළි ගන්නා දෙයක්.
ඇතැම් රටවල් කොවිඩ් නිසා රෝහල්ගත වී මරණයට පත් වුණු අය පමණක් කොවිඩ් මරණ ලෙස ගන්නා බවත් ඔහු සඳහන් කර සිටිනවා