ලංකාවට ඇවිත් කසිප්පු පෙරූ චීන ජාතිකයින් 2 කට වැඩවරදී

ලංකාවට ඇවිත් කසිප්පු පෙරූ චීන ජාතිකයින් 2 කට වැඩවරදී

නීති විරෝධී කසිප්පු පෙරූ වරද පිළිගත් චීන ජාතිකයන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ අසූදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 04 නියෝග කළා.

කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිල්ලක නීති විරෝධී මත්පැන් (කසිප්පු) පෙරූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර තිබූ අතර අද ඔවුන් වරද පිළිගනු ලැබීම හේතුවෙන් සැකකරුවන් දෙදෙනාට මෙලෙස දඩ මුදල් නියම කෙරුණා.

සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු සකස් කිරීමට ගන්නා ගෝඩා ලීටර් 880ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

2020 කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, උපකරණ ලග තබා ගැනීම, ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මොවුන්ට චෝදනා ගොනු කර තිබූ අතර මෙලෙස දඩ මුදල් ගෙවන ලෙස නියම කෙරුනේ චීන ජාතික වෙයිසුන්ග්, වින්ග්සෑන් යන අයවළුන්ටයි

Share This