රන්ජන්ගේ මන්ත්‍රීධුරය තව දින 35කින් ඉබේම අහෝසියි

රන්ජන්ගේ මන්ත්‍රීධුරය තව දින 35කින් ඉබේම අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එම මන්ත්‍රී ධුරය තවත් දින 35කින් ඉබේම අහෝසි වී යන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරීන් පවසනවා.

කිසියම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යන බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන බවද එම නිලධාරීන් සඳහන් කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ජනවාරි 12 වනදා සිට මන්ත්‍රීවරයාට වසර 4ක සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අනුව එදින සිට ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූ අතර රාමනායක මහතා මැතිසබයට නොපැමිණි කාලය මාස තුනක් සම්පුර්ණවන්නේ ලබන අප්‍රේල් මස 12 වැනිදාටයි .

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට තවත් මාස තුනක නිවාඩුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට අද යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

– ලංකාදීප –

Share This