නීතිඥවරයකුගේ සුරූපී බිරිඳත් එක්ක මුහුණු පොතෙන් පැවැත්වූ හාදකම් උසාවියට
මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ඇය මෝටර් රථයකින් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වූ තරුණ මෝටර් රථ කාර්මිකයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කර තිබෙනවා
ඇප නියම වූ සැකකරු වූයේ පැරණි මෝටර් රථ නවීකරණය කිරීමේ ශිල්පියකු වන මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ල අනුව සැකකරු සහ නීතිඥවරයාගේ රූමත් බිරිඳ මුහුණ පොත පරිහරණයට දැඩි කැමැත්තක් දක්වන අතර මුහුණු පොත මගින් කාර්මික ශිල්පියා නීතිඥවරයාගේ තරුණ බිරිඳ හඳුනාගෙන තිබෙනවා
පසුව ඇය අවශ්‍යතාවක් සඳහා මීගමුව නගරයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සැකකරු මෝටර් රථයකින් ඇය පැහැර ගෙන යාමට තැත්කළ බව පැමිණිල්ලේ දැක්වෙන අතර මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවා තිබෙනවා
වැඩිදුර විභාගය මැයි මස 17 වැනි දින පැවැත්වෙනවා