දෙපාර්ශවයම එකම පොලිසියේ පැමිණිලි දමා රෝහල් ගතවෙයි

දෙපාර්ශවයම එකම පොලිසියේ පැමිණිලි දමා රෝහල් ගතවෙයි

මහර අධිකරණයේ නීතිඥවරයකු හා මහර බන්ධනාගාරයේ සැරයන්වරයකු අතර මහර අධිකරණය තුළදී ඇතිවූ ගුටි බැට හුවමාරුවක් පිළිබඳව කඩවත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

ඉකුත් 7 වැනිදා අධිකරණ කටයුතු අවසන් වී සවස තුනයි තිහට පමණ සැකකරුවන් අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අදාළ නීතිඥවරයා එහි සිටි සැකකරුවකු සමඟ කතාබස් කර සිය ජංගම දුරකථනය ලබාදීමට ගත් උත්සාහයකදී එය වළකාලීමට සැරයන්වරයා ක්‍රියා කිරීමේදී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

අධිකරණ කටයුතු අවසන්ව තිබූ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී තිබෙනවා

මේ අවස්ථාවේදී අදාළ නීතිඥවරයා තමාට සැරයන්වරයා පහරදුන්නේ යැයි කියමින් කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර රෝහල්ගත වී තිබෙනවා

බන්ධනාගාර සැරයන්වරයාද, කඩවත පොලිසියට පැමිණ නීතිඥවරයා තමා තල්ලුකරමින්, පහරදීමෙන් තමා ඇද වැටුණු බවත් පවසමින් පැමිණිල්ලක් ඔහුද ඉදිරිපත් කර රෝහල්ගත වී තිබෙනවා

සිද්ධිය පිළිබඳව පැමිණිලි දෙකම විභාග කිරීම සඳහා දෙපාර්ශ්වය ඉදිරියේදී කැඳවන බව මේ පිළිබඳව කළ විමසීමේදී කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා පවසනවා

Share This