මව සහ දරුවන් එක්කව පියාව මරලා -15 හැවිරිදි දියණියකුත් ඒ අතර

මව සහ දරුවන් එක්කව පියාව මරලා -15 හැවිරිදි දියණියකුත් ඒ අතර

මව සහ දරුවන් එක්කව පියාව ඝාතනය කිරීමේ කේදනීය පුවතක් ඒරාවූර් ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් තම බිරිඳගෙන් සහ දරු තිදෙනාගෙන් පහර කෑමකට ලක්වු පුද්ගලයකු මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරුමුගතාන්කුඩිරුප්පු ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගනේෂ් කුණරාසා නමැති පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ මොහු බරපතළ තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය මෙම පුද්ගලයා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට නිතරම ආරවුල් ඇති වී ඇති අතර මේ පිළිබඳව පොලිසියට පැමිණිලිද කර තිබෙන අතර බිරිඳ සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

පහර කෑමට ලක්වු දිනයේ් මියගිය අය තම බිරිඳ හා දරුවන් වෙසෙන නිවසට ගොස් සිටියදී දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇති අතර පසුව එය පහරදීම දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එහිදී බිරිඳ හා දරුවන් මොහුට පහර දී ඇති අතර එයින් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව පසුව අසල්වැසියන් විසින් මොහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවත්වූ ඒරාවූර් පොලිසිය ඔහුගේ බිරිඳ, පුතා හා 18 හැවිරිදි සහ 15 හැවිරිදි දියණියන් දෙදෙනා ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This