කතෝලික දේවස්ථානයක් අසළ සිටි සැකකටයුතු යුවලක් අත්අඩංගුවට
වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් හැසිරුණු මුස්ලිම් ජාතික අඹුසැමි යුවලක් වත්තල පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම යුවල මූතූර් ප්රදේශයේ පදිංචිකරුවන්
අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව ජාතික හැඳුනුම්පත හෝ වෙනත් කිසිවක් තිබී නොමැති බවද වාර්තා වනවා
මොවුන් කොළඹට පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබී නෑ
රාජ්ය බුද්ධි අංශය සහ ත්රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවා තිබෙන බවද සඳහන් වනවා
පුවත්පතක සඳහන් කර තිබු මෙම පුවත ගැන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවධානය යොමු කෙරුණා