ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වෙනස් කළ නොහැකියි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් නොලැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු පියවරක් ගත නොහැකි යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා
මේ පිළිබඳව අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවදානය යොමු කෙරුණා
2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් වැඩි පිරිසක් වැඩි ලකුණු ලබාගෙන සමත් වී තිබුණත් ජනපි‍්‍රය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට ලබාදී තිබෙන කඩඉම් ලකුණු වෙනස් කළ නොහැකි යැයිද ඒ මහතා සඳහන් කර තිබෙනවා
ඇතැම් ගුරු සංගම් විසින් මේ ගැටලූව හොඳාකාරවම දැනගෙන දෙමාපියන් සහ දරුවන් තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, එසේ කළා යැයි වැඩිපුර දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ද කියා සිටියේ නිකුත් කර තියෙන ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වෙනස් කිරීමක් කළ නොහැකි බවත් වෙනත් වර්ෂවල අනුගමනය කළ ක්‍රියාවලියම මෙවරත් දියත් කර ඇති බවත්ය