අර්ජුනගේ ඉල්ලීමට අගමැතිගේ කැමැත්ත
ලෝක ශූර කි‍්‍රකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා විසින් පසු ගිය දිනක කරනු ලැබූ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා.
ලෝක ක්‍රිකට් ශූරතාවය දිනාගෙන වසර 25ක් වීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට පසුගිය කාලයේ වූ බව කියන පරිහානිය සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත්කරන්නැයි අර්ජුන රණතුංග මහතා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කළා.