මවගේ පළමු කසාදයේ පුතා “දෙවන කසාදයේ දියණියට” කළ විනාශය
අවුරුදු 15 ක් හා මාස 04 ක් වියැති බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ මවගේ පළමු කසාදයේ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා
සැකකරු නාගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 25 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකු බව පොලිසිය සඳහන් කරනවා
සැකකරු මෙකී දැරිය පදිංචිව සිටි නිවසට නාගොඩ සිට පැමිණ ඇති අතර නිවසේ කිසිවකු නොසිටි එම අවස්ථාවේ සැකකරු විසින් මෙම දැරියව දූෂණය කොට තිබෙන බවයි වාර්තා වන්නේ .
පසුව දැරිය මේ පිළිබඳ සිය පෙම්වතාට පවසා ඇති අතර පසුව මේ පිළිබඳ පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු සැඟවී සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා