සීනි බදු වංචාවේ නොදුටු ඇත්ත (Video)

සීනි බදු වංචාවේ නොදුටු ඇත්ත (Video)

සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15 යි දශම 9ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ සීනි ආනයනය කරන ලද පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ඇතුලු 09 දෙනෙකු නම් කර තිබෙනවා.

මේ පිළිබඳව ඊයේ (18) ස්වර්ණවාහිනි රතු ඉර වැඩසටහනේදී උණුසුම් වාද විවාද ඇති වුනා. ඊට අදාල වීඩියෝව පහතින්,

Share This