බළන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී ‘පහළොස් වියැති පාසල් දැරියක්ව කෙළෙසූ’ නරුමයා
ව්‍යාජ නමකින් පෙනී සිටිමින් බාලවයස්කාර පාසල් දැරියකට ලිංගික අතවර කර ඇති පුද්ගලයකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බළන්ගොඩ පොලිසිය සඳහන් කළා.
අතවරයට ලක්වී ඇති දැරිය පෙරේදා (17) රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය වයස අවුරුදු 15 1/2ක දැරියක බවයි පොලිසිය සඳහන් කළේ.
නාඳුනන දුරකථන අංකයකින් තරුණයකුගෙන් ලැබුණු ඇමතුමක් හරහා එම බාලවයස්කාර දැරිය දින කිහිපයක සිට ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙන අතර ඔහු වෙනත් නමකින් පෙනී සිට තිබෙනවා.
ඔහු විසින් තමන්ට බළන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොලේ දී සහ පින්නවල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී ලිංගික අතවර කළ බව ඇය විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වනවා.