ආනයනය කර තිබෙන පොල්තෙල් ගැන රේගු අධ්‍යක්ෂකගෙන් සහතිකයක් (VIDEO)
පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්රිය මහතා පවසනවා
රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙන්නේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබේද යන්න පරීක්ෂා කිරීමට දවස් කීපයක් ගතවන නිසා අදාල කන්ටේනර් ආනයනික සමාගම්වල ගුදම් වලට නිකුත් කළ බවයි.
එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුවත් වූ බවත් ,එම පොල්තෙල් තොගය වාහාම ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා
එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බවද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටිනවා
පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොග කිසිලෙසකින්වත් ජනතා පරිභෝජනය සඳහා නිදහස් කර නැතැයි රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසනවා
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට එම පොල්තෙල් ආනයනය කළ සමාගම් දෙකට ලිඛිතව දැනුම් දුන් බවයි.
ඊයේ (24) දිනයේ පාර්ලිමේන්තුවේද මේ පිළිබඳව දැඩිව කතාබහට ලක් කෙරුණා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය කෙරුණා