වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය ජයගනී

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය ජයගනී

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අදාළ නිවේදනය රජයේ මුද්‍රණාලයට යොමුකර තිබෙනවා.

Live at 8 කළ විමසීමකදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගැසට් පත්‍රයට අදාළ නිවේදනයට අමාත්‍යවරයා අත්සන් කිරීමෙන් අනතුරුව එය මුද්‍රණාලය වෙත යොමුකළ බවයි.‍

පසුගිය ජනවාරි 18 වැනිදා හම්බන්තොට වල්සපුගල ‌ගොවීන් පිරිසක් හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර එය මාරාන්තික උපවාසයක් දක්වාද ක්‍රියාත්මක වුණා.

රජයේ පාර්ශවයෙන්ද නොයෙක් ලිඛිත පොරොන්දු ලබාදුන් නමදු වල්සපුගල ‌ගොවීන් පැවසුවේ මෙතෙක් ඒවා ඉටු නොවුනු බවයි‍.

කෙසේ වුවද අද පස්වරුවේ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගැසට් පත්‍රයට අදාළ නිවේදනයට අමාත්‍යවරයා අත්සන් කිරීමෙන් අනතුරුව එය මුද්‍රණාලය වෙත යොමුකළ බවයි.‍
ඒ අනුව අද රාත්‍රියේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතයි‍

Share This