අවුරුද්දට රට වහන්නේ නෑ – සංචරණ සීමා දාන්නෙත් නෑ – සෞඛ්‍ය සේවා ප්‍රධානී කියයි

අවුරුද්දට රට වහන්නේ නෑ – සංචරණ සීමා දාන්නෙත් නෑ – සෞඛ්‍ය සේවා ප්‍රධානී කියයි

අවුරුදු සමයේ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේවෙතත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කළ යුතු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුරුදු සමයේදී අනුගමනය කළ යුතු වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් හඳුන්වා දී ඇතැයිද ප්‍රකාශ කර ඇති බවයි අද පත්තරේ වැඩසටහනේදී අනාවරණය කෙරුණේ.

ජනතාව අවුරුදු සමයේදී සෞඛ්‍ය නීති හරියාකාරව අනුගමනය නොකළහොත් කොරෝනා තුන්වන රැල්ලක අවදානමක් මතුවිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අවුරුදු සමයේදී අවුරුදු උත්සව සංවිධාන කීරීම තහනම් නැති බවත් සහභාගී විය හැකි සංඛ්‍යාව සියයක උපරිමයකට යටත්ව එම උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංවිධාන කළ යුතු බවත් ඒ මහතා ප්‍රකශ කළ බවද සඳහන්.

 

-ලංකාදීප-

Share This