ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් – අසල්වැසි ඉන්දියාවත් අසරණයි

ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් – අසල්වැසි ඉන්දියාවත් අසරණයි

ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

එරට දෛනික ආසාදිතයන් දිනපතා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතියට කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද තුනක් ඇතුළත් වනවා.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් ඉහවහා ගොස් ඇති දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය හමුවී තිබෙනවා.

ලොව රටවල් කීපයකින් විකෘතිකරණයට ලක් වුණු කොරෝනා වයිරස ප්‍රභේද හමුවී ඇති නමුත් ද්විත්ව සහ ත්‍රිත්ව කොරෝනා විකෘති හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණයි.

Share This