රක්වානේ බුද්ධ ප්රතිමාවක් පොළොවේ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
රක්වාන බස් නැවැතුම්පොළ් පිහිටුවා තිබූ බුද්ධ ප්රතිමාවක් ඔසවා පොළොවේ ගැසූ පුද්ගලයෙක් රක්වාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව බවයි පුවත්පතක සඳහන් කර තිබෙන්නේ
රක්වාන නගරයේ තරුණයන් පිරිසක් බස් නැවතුම්පොළට යන එන පිරිසට වැඳුම් පිදුම් කිරීම සඳහා මීට මාස 08කට පමණ පෙර මෙම බුදු පිළිමය බස්නැවතුමේ ස්ථාපිත කර ඇති අතර ඉකුත් දා උදෑසන එම බුදු පිළිමය කඩා බිඳ දමා තිබූ බවයි දැකගන්නට ලැබී තිබෙන්නේ
මේ පිළිබඳ දැනගත් රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා කළ විමර්ශනයේදී බුදු පිළිමය කඩා බිඳ දමන පුද්ගලයා සියැසින් දුටු අයකු පොලිසියට ඒ සම්බන්ධ ප්රකාශයක් ලබාදී ඇති අතර එම පුද්ගලයා බස් නැවැතුම්පොළේ වැසිකිළිය පිරිසුදු කරන්නෙක් බවයි හෙළි වී ඇත්තේ
පසුව ඔහුගේ තොරතුරු අනුව බුදු පිළිමය කඩා දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු රක්වාන බාර්වත්ත ප්රදේශයේ පදිංචි අයෙක්
නිතර බීමතින් හැසිරෙන මොහුගේ බිරිය ඔහු අතහැර දමාගොස් ඇති අතර දරුවන්ද පොලිසිය විසින් පරිවාස භාරයට යොමුකර තිබෙනවා
එම සැකකරු සම්බන්ධයෙන් මුදල් පැහැර ගැනීම්, කලහකාරී හැසිරීම්, පහරදීම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් පවතින බවද පොලිසිය සඳහන් කරනවා
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මේ පිළිබඳ විමර්ශන ක්රියාත්මකයි