කොවිඩ් නව වෛරස් ප‍්‍රභේදය වාතයේ පැය එකහමාරක් පවතියි -ලංකාවේ නවතම හෙළිදරව්ව

කොවිඩ් නව වෛරස් ප‍්‍රභේදය වාතයේ පැය එකහමාරක් පවතියි -ලංකාවේ නවතම හෙළිදරව්ව

වර්තමානයේ සොයාගෙන ඇති කොවිඩ් නව වෛරස් ප‍්‍රභේදය වාතයේ පැය එකහමාරක් පමණ තිබෙන බවට හඳුනාගෙන ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා

විශේෂයෙන් තරුණ අය අතර මෙම වෛරස් ප‍්‍රභේදය වේගයෙන් පැතිර යන බව පැවසූ මහාචාර්යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ

‘‘අපේ අවාසනාවට රටට දැන් නව කොවිඞ් වෛරසයක් ඇවිත් තිබෙනවා.

මේ නව වෛරස් ප‍්‍රභේදය මීට පෙර තිබූ වෛරස් ප‍්‍රභේද වලට වඩා වෙනස් විදිහට කි‍්‍රයාකරන බව පෙනී ගොස් තිබෙනවා.

මේ නව වෛරස් ප‍්‍රභේදය ඉතාමත්ම දරුණු ලෙස පැතිර යන අතර තරුණ අයට දරුණු රෝග ලක්‍ෂණ මතුවෙනවා.

මේක බෝවෙන්නේ කෙළ බිඳිති මගින්. වාතය මගිනුත් බෝවෙනවා. වාතයේ මේ නව කොවිඞ් වෛරස් ප‍්‍රභේදය පැය එකහමාරක් පමණ තිබෙන්න පුළුවන්. ඒ නිසා නිතරම මුඛ ආවරණ පැළඳ සිටීම වැදගත් බවයි එතුමිය සඳහන් කර සිටින්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතාබහට ලක්වුණා

Share This