ජනතාව අතරට ගොස් කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සෙවිය යුතුයි -GMOA
කොවිඩ්-19 රෝගීන් සොයා රට පුරා දැවැන්ත මෙහෙයුමක් කළ යුතු යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පුවත්පතකට සඳහන් කර තිබුණේ රට පුරා විශාල ලෙස ජනතාව අතරට ගොස් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සොයා ඔවුන් පී.සී.ආර්. කිරීම සහ අදාළ ප්‍රදේශ හුදෙකලා කිරීම යන කාරණා දෙගුණ කළ යුතු බවයි.
එමෙන්ම,මේ වනවිට සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් ද බරපතළ අනතුරක සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ
ඔවුන්ට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ, ඇඳුම් කට්ටල ඇතුළු සෞඛ්යාරක්ෂිත උපකරණවල හිඟයක් පවතින බවත් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද තව ම මෙරටට ගෙන්වන නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ඒ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා
එම නිසා රෝගය පැතිරෙන වේගයට වඩා වේගයෙන් පී.සී.ආර්.පරීක්ෂණ කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසනවා