නව කොරෝනා මූලික ලක්ෂණය නිව්මෝනියාවයි – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂය වන්නේ උගුරේ වේදනාව සහ අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතුවීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා.
මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය හැදී තිබෙන බව දැනගන්නට නොලැබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් තමන්ට ඒ පිලිබඳ තීරණය කළ හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් පිළිබඳවද වෛද්‍යවරයා සඳහන් කරනවා.
යම් කිසි අයෙකුට තරප්පු පෙළක් නගින විට හතිය දැනේ නම් හුස්ම අල්ලා හඬනගා 1 – 10 දක්වාත් ගැණිය නොහැකි නම් වචන කිහිපයක් කතා කරද්දී ඔබට මහන්සි දැනේ නම් කොවිඩ් අවදානමක් පවතින බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව අද පත්තරේ වැඩසටහනේදී අනාවරණය කළා.
උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත