කොවිඩ් වෛරසය ගැබිණි මවුවරුන්ට බලපාන අයුරු අනාවරණය කෙරේ
වර්තමානයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස නව ප්‍රභේදයට ගොදුරු වුවහොත් ගැබිණි මවුවරුන් රැක බලා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වන නිසා ඔවුන් මේ මොහොතේ අතිශයින්ම පරිස්සම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසනවා
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත ගැබිනි මවුවරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගැබිනි මවක් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු සඳහන් කරනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා
වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසන්නේ මින් පෙර මතු වූ පළමු සහ දෙවන රැල්ලට වඩා වේගයෙන් සහ දරුණු අන්දමින් වෛරසය පැතිර යන මේ මොහොතේදී ගැබිණි මවුවරුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි
එසේ නොවුණහොත් එය ඉතා ඛේදනීය ඉරණමක් ඇති කිරීමට වුව ද හේතුවනු ඇති බවද සඳහන් කරනවා
රැකියා කරන ගැබිණි කාන්තාවන්ට කොරෝනා වෛරසය දෙයාකාරයකින් අවදානම් විය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනුයේ ගැබිනි මවුවරුන් හඳුනාගෙන ඇත්තේ මේ වෛරසයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස බවයි.
අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය ගැබිණි කාන්තාවන්ට පොදු සංකූලතා ඇති කරන ශාරීරික තත්ත්වයන් බවත් රැකියා සඳහා පොදු ප්‍රවාහන භාවිත කිරීම, මහජනයා සමග කෙළින් ම ගැටෙමින් රාජකාරි කිරීම සහ සේවකයන් වැඩි සංඛ්‍යාවක් සිටින ස්ථානවල රාජකාරි කිරීම අවදානම් ඇති කරන දෙවැන්න බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසනවා .
කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් කලලයට හානියක් නොවන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසා ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ගැබිනි මවුවරුන්ට එන්නත ලබාදිය යුතු යැයි අනුමාන කරන බව ද ඔහු සඳහන් කරනවා
අවදානම් ගැබිණි මවුවරුන්ට එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නිර්දේශ කර තිබෙනවා