කොළඹ පවුල් 16,396කට ගෙදරටම අත්‍යවශ්‍ය භාණ්ඩ
දැනට හුදෙකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 12ක පවුල් 16,396ක් ජීවත්වෙන නිවෙස් අසලටම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ජංගම රථවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් ආරම්භ කර ඇති බවත් දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ජංගම වෙළෙඳ රථවලට පමණක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් බලපත්‍ර ලබාදීම ආරම්භ කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 11ක් හුදෙකලා කර ඇති බවත් පවුල් 15,761ක ජනතාව එහිදී හුදෙකලා කර ඇති බවත් කොරෝනා රෝගීන් 163 දෙනකු එම ග්‍රාමසේවා වසම් 11න් වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ග්‍රාමනිලධාරී වසමක් හුදෙකලා කර ඇති බවත් එය පවුල් 635ක සාමාජිකයන් 3,993 දෙනකු සිටින බවත් එහිදී හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 06 දෙනකු බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
මෙම පවුල් 16,396න් නිරෝධායනයට ලක්කර ඇති පවුල් සඳහා පමණක් සති දෙකක කාලයකට රුපියල් දස දහසක වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන බවත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් අවස්ථාවේ සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 31,144ක් නිරෝධායනයට ලක්කර ඇති බවත් එම පවුල් වෙනුවෙන් සති 02කට ආහාර ද්‍රව්‍ය ලබාදීමට රුපියල් මිලියන 274ක් මේ වනවිට වැයකර ඇති බවත් වාර්තා වනවා.