GMOA උත්සාහය ඵල දරයි! – වෛද්‍ය සිසුන්ට විශේෂ දැනුම් දීමක්
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයයන් 3ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට තිබූ හැකියාව අහෝසි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, වසර 9ක් පුරා සිය සංගමය දැරූ උත්සහය මේ අනුව සාර්ථක වී ඇති බවයි.
එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.