කොවිඩ් බිය අතරේ ලීසිං බියකුත්

කොවිඩ් බිය අතරේ ලීසිං බියකුත්

කොවිඩ් වසංගතය නිසා ලිසිං සහන ලබා දීමට රජය කොන්දේසි පනවා තිබියදී ලීසිං සමාගම් සිය සංගමයේ සාමාජිකයන්ට නීතිමය කටයුතු සඳහා යොමු වන බවට ලිපි එවා ඇති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා පැවසුවේ තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින මේ අවස්ථාවේදී රජය සෘජුවම මැදැහත්විය යුතු බවයි.

වසරකට වැඩි කාලයක් පාසල් වසා තැබීමෙන් තම සාමාජිකයන් 90%ක් පමණ දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සහනයක් නොලැබුණ හොත් පාසල් ළමුන් ප්‍රවාහන කර්මාන්තය බිඳ වැටෙන බවත් සභාපතිවරයා සඳහන් කරනවා.

Share This