ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ‘රුපියල් 5000කට දෙන්න කළ සැළසුම’ හෙළිකෙරේ
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් එක්තරා පෞද්ගලික ආයතනයකට රුපියල් පන්දහසක මුදලක් ගෙවා ලියාපදිංචි වන ලෙස ජනතාවට දන්වා ඇති බවත් එය සිදුවන්නේ කාගේ අනුදැනුම මත දැයි විමසා සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරනවා.
මෙරට කොවිඞ් රෝග එන්නත්කරණය සිදුකරනු ලබන්නේ රජය විසින් කරන ලද ඇනවුම්කරණය මත වසංගත රෝග විද්‍යා අංශයේ මැදිහත්වීම මත නම් එය මෙලෙස පෞද්ගලික ආයතන මත පැටවීම පිටුපස කවුරුන් හෝ සිටිය යුතු බවටයි වෛද්‍යවරයා චෝදනා කරන්නේ
කොවිඞ් රෝගය වෙනුවෙන් එන්නත් නිකුත් කිරීමේ පූර්ණ බලතල වසංගත රෝග විද්‍යා අංශය සතුව ඇත්නම් එය මෙලෙස පුද්ගලික සමාගමකට පැවරීම පිළිබඳව ඔවුන් උත්තර සැපයිය යුතුව ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා