වෛරසය ‘ ඇස්වලින් ‘ ඇතුළු විය හැකියි

වෛරසය ‘ ඇස්වලින් ‘ ඇතුළු විය හැකියි

ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වෛරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත් මුව ආවරණ දමා දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් වෛරසය එලෙස ඇතුලුවීම වළක්වා ගත හැකි බවත් වෛරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරනවා.

පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ පුද්ගලයකුගේ ඇස්වලින්ද වෛරසය ඇතුළු විය හැකි බවයි.

කෙසේ වෙතත් වෛරසය යම් යම් පෘෂ්ඨයන්හි කිසියම් කාලයක් රැඳී තිබිය හැකි බවත් දෑත් සබන් යොදා සේදීමෙන් එය විනාශ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අද (28) ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනින් ද ඒ පිළිබඳව අවදානය යොමු කළා.

Share This