කොවිඩ් එන්නතත් මුල්කරගනිමින් හෙදියන් කොටසක් වැඩවර්ජනයක -සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් දින 2ක වැඩවර්ජනයක්
සමස්ත ලංකා හෙද සංගමය අද (31) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා .
සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස් බි මැදිවත්ත මහතා සඳහන් කරන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වැඩවර්ජනය සිදු කරන බවයි
අද(31) උදේ 7 සිට හෙට (01) වනදා උදේ 7දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ
එන්නත් ලබා දීමේ ක්‍රමවේදයේ අඩුපාඩු ,ඒ අනුව පළමු එන්නත ලබාගත් අයට දෙවන එන්නත නොලැබීම ,පවුලේ අයට එන්නත නොලැබීම,එක එන්නතක්වත් නොලැබුණු අය සිටීම මෙම ඉල්ලීම්වලට අයත්.
එමෙන්ම නිවාඩු ,පොදු පහසුකම් නොලැබීම,අවශ්‍ය උපකරණවල හිඟය යනාදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතිබව ද එස් බි මැදිවත්ත මහතා පවසනවා
මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දින 14කට පසු දින 2ක වැඩවර්ජනයකට යොමුවන බවද සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස් බි මැදිවත්ත මහතා පවසනවා