ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයාගේ ‘අවසන් කටයුතු නිම කළ පසු’ ගෙදර හතර දෙනාටම කොවිඩ් – මරණ පරීක්ෂණයක් හෝ පවත්වා නෑ
මීරිගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියාගේ අවසන් කටයුතු සිදුකර පැය කිහිපයකින් අනතුරුව, සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදී මියගිය අයගේ ව්‍යාපාරික පුතා, පුතාගේ බිරිය සහ දරු දෙදෙනා කොරෝනා ආසාදිතයන් බවට හෙළිව ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනිනන් අනාවරණය කෙරුණා
දිනපතා පුවත්පතක සඳහන් වන්නේ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අවමඟුල පැවති මල් ශාලාවේ හිමිකරු ඇතුළු හයදෙනකු එම මල් ශාලාව තුළම නිරෝධායනයට ලක් කළ බවයි
ඉකුත් 28 වැනිදා නිවෙසේදී මියගිය ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියාගේ දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා ග්‍රාම නිලධාරි නිර්දේශය අනුව මීරිගම ප්‍රදේශයේ පිහිටි මල් ශාලාවට ගෙනැවිත් තිබෙනවා .
පසුව මූලික කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් ගෞරව දැක්වීම සඳහා එම මල් ශාලාවේම දේහය තැබීමට ව්‍යාපාරික පුතා ඇතුළු ඥාතීන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ
මියගිය අයගේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු නගරයේ ව්‍යාපාරික ප්රජාවද දේහයට අවසන් ගෞරව දැක්වීමට මල් ශාලාවට ගොස් තිබෙනවා