සංචරණ සීමා අතරේ ජොගින් ගිය ‘පොලිස් ලොක්කාගේ බිරිඳ ගැන’ හෙළි කළ ‘පොලිස් පොඩ්ඩාට’ වෙන්න යන දේ

සංචරණ සීමා අතරේ ජොගින් ගිය ‘පොලිස් ලොක්කාගේ බිරිඳ ගැන’ හෙළි කළ ‘පොලිස් පොඩ්ඩාට’ වෙන්න යන දේ

කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ව්‍යායාම සඳහා ගමන් ගත් කොළඹ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකුගේ බිරියකට බාධා කළේ යැයි පවසා කොස්තාපල්වරයකු වෙනත් පොලිස් මුරපොළකට මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබාදුන් නිලධාරියා සොයා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර තිබෙන බව දිනපතා පුවත්පතක් උපුටා දක්වමින් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් කතා බහ කෙරුණා

එම පුවත්පතේ සඳහන් කර තිබෙන පරිදි මරදාන පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් රැසක් සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇතැයි පුවත්පත වාර්තාකර තිබුණා.

මැයි 28 වැනි දින මරදාන – බොරැල්ල මාර්ගයේ ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණ තිබූ පොලිස් ප්‍රධානියාගේ බිරිය අමතා සංචරණ නීති පනවා ඇති හෙයින් ගමන් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවට එම ස්ථානයේ රාජකාරියේ සිටි කොස්තාපල්වරයකු පවසා තිබෙනවා

අනතුරුව එම කාන්තාව පොලිස් කොස්තාපල්වරයාට බැන වැදී තම ස්වාමිපුරුෂයා වූ පොලිස් ප්‍රධානියාට ජංගම දුරකථන ඇමැතුමක් ගෙන ඔහු කතා කරන හඬ කොස්තාපල්වරයාට ඇසීමට සලසා තිබෙන අතර ඒ අවස්ථාවේදී පොලිස් ප්‍රධානියා ජංගම දුරකථන හරහා පොලිස් කොස්තාපල්වරයා අමතා ඔහු කවුදැයි හඳුන්වා දී “ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි එයාට ජොගින් යන්න දෙනවා” යැයි පවසා තිබුණා

සිද්ධියවී මඳ වේලාවක් තුළදී කොස්තාපල්වරයා පුංචි බොරැල්ල හන්දිය පොලිස් මුරපොළ වෙත මාරුකර තිබූ අතර පැය තුනක් පමණ කාලයකට පසුව නැවත ආනන්ද හන්දිය පොලිස් මුරපොළ වෙත මාරු කර තිබෙනවා

Share This