රනිල් අසුන් ගන්නා දවස ගැන රුවන්ට යැවූ පණිවිඩය

රනිල් අසුන් ගන්නා දවස ගැන රුවන්ට යැවූ පණිවිඩය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මේ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද ගම්පහ රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කර තිබුණා.

පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසය තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බව රුවන් විජයවර්ධන මහතාට දන්වා ඇති බව ද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

Share This