ප්‍රතිශක්තිය අඩු නම් ‘ කොවිඩ් එන්නතේ ‘ තවත් මාත්‍රාවක් ?

ප්‍රතිශක්තිය අඩු නම් ‘ කොවිඩ් එන්නතේ ‘ තවත් මාත්‍රාවක් ?

කොවිඩ් එන්නතේ තුන් වෙනි මාත්‍රාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව එන්නන් වර්ගයෙන් වර්ගයට වෙනස් විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් සඳහන් කරනවා.

BBC පුවත් සේවය සමග අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ දැනට හොඳින් තොරතුරු තිබෙන ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත්වල මාත්‍රා දෙක සම්පූර්ණ කළ විට සෑහෙන කාලයක් ප්‍රතිශක්තිය රඳා පවතින බවයි.

දෙවෙනි මාත්‍රාව ලබා ගත් පසු ඇති වෙන ප්‍රතිශක්තිය යළි ඉහළ නැංවීමට තුන් වෙනි මාත්‍රාවක් ලබා දීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෝ වෙනත් ආයතනයක් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද මහාචාර්යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

“නමුත් මම හිතන්නේ ඩෙල්ටා හෝ වෙන වෙන ප්‍රභේද මතු වෙලා එන්නතෙන් ලබා දෙන ප්‍රතිශක්තිය අඩු වීමක් සිදු වෙනවා නම් තුන් වෙනි එන්නතක් දෙන්න වෙන තත්ත්වයක් ඇති විය හැකියි. නමුත් දැනට ලංකාවට තිබෙන පළමු ප්‍රශ්නය පුළුවන් ඉක්මනින් ජනතාවට පළමු සහ දෙවෙනි මාත්‍රා ලබා දීම.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This