කොවිඩ් එන්නත දිවයින පුරා බෙදී යන හැටි
ජූලි 11 වන දින ලැබීමට නියමිත සයිනොෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක්, ගම්පහට ලක්ෂ 5ක් සහ කළුතරට ලක්ෂ 3ක් බැගින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා
ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නත් ලක්ෂය බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට සයිනොෆාම් එන්නත් ලක්ෂ 2ක් වෙන්කර තිබෙනවා
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිත බවයි
ඉන් ලක්ෂ 6ක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කරන ලෙසත් ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ
මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබා දීමට සැලසුම් කර ඇති අතර ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදා හැරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතා බහට ලක්වුණා