පළාත් පාලන ආයතනවලට සභිකයින් අඩුවන ළකුණු | මන්ත්‍රීන් තේරීම 70/ 30 අනුපාතයට ?

පළාත් පාලන ආයතනවලට සභිකයින් අඩුවන ළකුණු | මන්ත්‍රීන් තේරීම 70/ 30 අනුපාතයට ?

පළාත් පාලන ආයතනවලට සභිකයින් තෝරා පත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70/ 30 අනුපාතය දක්වා වෙනස් කිරීමට පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව නිර්දේශ කර තිබෙනවා.

පසුගිය රජය සමයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් පැන නැගුණු ගැටලූ විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව පසුගිය සංශෝධනය මගින් පළාත් පාලන ඡන්ද විමසීමට , මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70/ 30 අනුපාතය දක්වා වෙනස් කිරීමටයි එම කමිටුව යෝජනා කර ඇත්තේ.

අස්ථාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම එහි අරමුණ බව එම කමිටුව පෙන්වා දී තිබෙනවා.

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාත ක්‍රමය යටතේ ද වර්තමානයේ සිදු කෙරෙනවා.

එය සියයට 70 ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී වෙනස් කරන්නැයි කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මේ අතර පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයින්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බව හඳුනාගෙන ඇති අතර දැනට සිටින 8000ක් පමණ වන සභික පිරිස ඉදිරි ඡන්ද විමසීමකදී 6,500ක් පමණ දක්වා අඩු විය යුතු බවත් කමිටුව පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී සභික පිරිස ආසන්න වශයෙන් 1000 කින් පමණ අඩුවිය යුතු බවටයි යෝජනා වී ඇත්තේ

යම්කිසි පක්ෂයකට සභියෙකු දිනාගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස කමිටුව විසින් යෝජනා කර ඇති අතර මින් පෙර එවැනි නියමක්ක්‍රියාත්මක නොවූ බවද එම වාර්තාවේ සඳහන්.

බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට කමිටුව යෝජනා කර තිබෙනවා.

එවැනි අවස්ථාවක එකම පක්ෂයකින් පමණක් තෝරා ගැනීමට මෙතෙක් දී තිබූ වරණය පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිත කිරීමට හැකි ලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටයි කමිටුව විසින් යෝජනා කර ඇත්තේ.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

Share This