අමුතු පාඩමක් කියාදෙන්න සිසුවිය රැගෙන ගිය ගුරුට වෙච්ච දේ

අමුතු පාඩමක් කියාදෙන්න සිසුවිය රැගෙන ගිය ගුරුට වෙච්ච දේ

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මෙම පුවත ගැන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

දැරියගේ පුංචි අම්මා ලන්ඩන්වල පදිංචිව සිටින බැවින් එම රටට යෑමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පොත් කීපයක් දැරියට ලබාගැනීමට අවශ්‍යවී තිබෙනවා

එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදවු කරන මුවාවෙන් මෙම දැරිය රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා

එම දැරියගේ මව අංශභාගයෙන් පෙළෙන අතර සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු එම ගුරුවරිය සමඟ පොත් මිලදී ගැනීම සඳහා යන බවයි

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථ ගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරියට අතවර කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ

ඒ බව දුටු ත්‍රිරෝද රථ රියැදුරෙක් කිඹුලාවල හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අසලට ගොස් කිඹුලාවල රථගාලේ මෝටර් රථයක් තුළ කුඩා දැරියකට පුද්ගලයකු අතවර කරන බවට දැනුම්දීමක් කර තිබෙනවා

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සැකකාර ගුරුවරයා දැරියට අතවර කරන බවට තහවුරු වී තිබෙනවා

සැකකාර ගුරුවරයා සහ අතවරයට පත් දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වී ඇති බවයි තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පවසන්නේ

සැකකාර ගුරුවරයා කලකට ඉහතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘත්‍රිම පාදයක් පැලඳ සිටින අයෙක් බවද පොලිසිය පවසනවා

ගම්පහ, ඉඳිගොල්ලේ පදිංචි මෙම සැකකාර මෘදුකාංග ගුරුවරයා ලබන අගෝස්තු මස 04දා තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරණු ලැබුවා

 

Share This