කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 30ක් “ඩෙල්ටා” ආසාදිතයින්- විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 30ක් “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා
එමෙන්ම කොළඹින් හමුවී ඇති ආසාදිතයන් අතුරින් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් පමණ ඩෙල්ටා ආසාදිතයන් සිටින බව වාර්තා වී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ
කොළඹ ප්‍රදේශය හැරෙන්නට, දකුණ , උතුර, නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකින් “ඩෙල්ටා” ආසාදිතයන් වාර්තා වී තිබෙනවා
මෙම වෛරසය පැතිරීම වළක්වා ගැනීමට නම්, එය බෝවීමට ඉඩ නොතබා සෞඛ්‍ය පුරුදු නිසි අයුරින් පිළිපැදිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ
“ඩෙල්ටා” කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් මෙරට සෑම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් සිටිය හැකි බවත් “ඩෙල්ටා” ප්‍රභේදයේ රෝගීන් සිටින ප්‍රදේශයක රෝගය බෝවීමට ඉඩ තැබුවහොත් එය වේගයෙන් පැතිරිය හැකි බවද ඒ මහතා පවසනවා
“ඩෙල්ටා” ආසාදිතයන් 68 දෙනා හමුවූයේ සාම්පල ගණනාවක් පරීක්ෂා කිරීමේදී බවත්, ආසාදිතයන් ඊට වඩා විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවත්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා
නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් “ඩෙල්ටා” පොකුරු ඇතිවීමට ඉඩ නොතබන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා