ලබන සතියේ සහල් මිල අඩුවෙයි -වැඩි මිලට විකිණුවහොත් ලක්ෂයක දඩයක්

ලබන සතියේ සහල් මිල අඩුවෙයි -වැඩි මිලට විකිණුවහොත් ලක්ෂයක දඩයක්

සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා පවසන අතර වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බවයි අලුත්ගමගේ මහතා පවසන්නේ

මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද ඔහු සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

Share This