ලොව විශාලතම ‘ආර්නූල් මැණික් පොකුරේ’ වැඩිදුර තොරතුරු

ලොව විශාලතම ‘ආර්නූල් මැණික් පොකුරේ’ වැඩිදුර තොරතුරු

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් පොකුර රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසක පිටුපස ළිඳක් කැණීමේදී හමුවී තිබීම සම්බන්ධයෙන් අද (28) පුවත්පත් වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

එය කැරට් මිලියන 2.5ක්, කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්ත බවට හඳුනා ගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් බවට ඇස්තමේන්තු කර ඇතැයි පුවත්පත් වාර්තාවල සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික මැණික් විශේෂඥයන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් මෙම ආර්නූල් මැණික් සමූහය මව් පාෂාණයක් බවත් එය ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ බිහිවූ පාෂාණයක් බවත් සඳහන් කර තිබෙනවා.

“භූවිද්‍යාත්මකව වටිනාකමක් තියෙනවා. මේක මව් පාෂාණයක්. මේක හැදිලා තියෙන්නේ වසර මිලියන 450කට කලින්. ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ හැදුණ පාෂාණවලින් බිහිවුණ කොරන්ඩම් පොකුරක්.” යනුවෙන් අන්තර් ජාතික මැණික් විශේෂඥයන් පවසා තිබුණා.

Share This