සේවා කාලය අනුව දහම් පාසල් ගුරුවරුන්ට ලැබෙන සම්මාන

සේවා කාලය අනුව දහම් පාසල් ගුරුවරුන්ට ලැබෙන සම්මාන

දහම් පාසල් ගුරු වෘත්තියේ වසර 10කට අධික අඛණ්ඩ සේවයක් ඉටුකර තිබෙන ගුරුවර ගුරුවරියන්ට රන්, රිදී හා ලෝකඩ, සහතික සම්මාන ලබාදීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා

ඒ අනුව වසර 30ට අධික අඛණ්ඩ සේවයක් වෙනුවෙන් රන් සහතිකයක්ද, වසර 20ට අධික අඛණ්ඩ සේවයක් වෙනුවෙන් රිදී සහතිකයක්ද, වසර 10ට අධික අඛණ්ඩ සේවයක් වෙනුවෙන් ලෝකඩ සහතිකයක්ද ලබාදීමටයි තීරණය වී තිබෙන්නේ

දහම් පාසල් දරුවන්ගේ නැණ ගුණ දියුණු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කටයුතු කරන ගුරුවර ගුරුවරියන් ඇගැයීම මෙහි අරමුණයි

“දහම් පාසල් ගුරු අභිමානී” වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරනවා

ඉදිරියේ පැවැත්වීමට නියමිත දහම් පාසල් දින උත්සවයට සමගාමීව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉහත කී සම්මාන සහතික ලබාදීමට පියවර ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

Share This