අවශ්‍යතාව අනුව කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් – ජනපති කළ දැනුම් දීම
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අද (02) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු කළා.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛණයන්ට අනුව මෙම වෛරසය ආසාදනයෙන් මිය යන වැඩි පිරිස එන්නත් ලබා නොගත් අය වන බවයි.