නිවෙස් තුළ රඳවා සිටින ‘කොවිඩ් ආසාදිතයන්ට’ රජයෙන් දෙන උපකරණය

නිවෙස් තුළ රඳවා සිටින ‘කොවිඩ් ආසාදිතයන්ට’ රජයෙන් දෙන උපකරණය

කොවිඩ් ආසාදිත රෝගීන් අතරින් නිවෙස් තුළ රඳවා තබාගන්නා රෝගීන්ගේ ශරීරයේ ඔක්සිජන් ධාරිතාව බලාගැනීමට අවශ්‍යවන “ප්ලස් ඔක්සිමීටර්ස්” ලබාදීමට පියවර ගෙන ඇති බව අද (10) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කෙරුණා.

කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාදීම, නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක වූ අතර එම ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා, එය ඊයේ (09) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවයි එහිදී පැවසුවේ.

ඒ අනුව “ප්ලස් ඔක්සිමීටර්” 1500ක් පළමුවැනි අදියර යටතේ, රෝගීන් වෙත ලබාදෙන අතර, ආසාදිතයාටම තමන්ගේ ශරීරය තුළ පවතින ඔක්සිජන් ධාරිතාව මෙමඟින් මැන බලාගත හැකි වනවා.

ඔක්සිජන් ප්‍රමාණය 80-90 අතර පැවැතිය යුතු අතර, එම ප්‍රමාණයෙහි අඩුවක් ඇතිවුවහොත් වහාම තමන්ගේ අධීක්ෂණය සඳහා යොදවා සිටින වෛද්‍යවරයා දැනුවත් කළ පසු, අවශ්‍ය ඉදිරි සෞඛ්‍ය පහසුකම් කඩිනමින් සලසාගත හැකිවන බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන බව එහිදී සඳහන් කෙරුණා.

රෝගීන්ට ලබාදෙන මෙම උපකරණ ආපසු ලබාගත් පසු  තවත් රෝගියකු වෙත ලබාදෙන බවද සෞඛ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙනවා.

Share This