ඉන්දියාවට වඩා 10 ගුණයකින් ලංකාවේ කොවිඩ් මරණ වැඩි වූ හැටි

ඉන්දියාවට වඩා 10 ගුණයකින් ලංකාවේ කොවිඩ් මරණ වැඩි වූ හැටි

ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ප්‍රතිශතය සැසඳීමේදී එම ප්‍රතිශතය ඉන්දියාවේ මරණ ප්‍රතිශතයට වඩා 10 ගුණයකින් වැඩි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පෙන්වා දී තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතරින් මිලියනකට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව සන්සන්දනය කිරීමෙන් පසුව මහාචාර්යවරයා මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවත් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 4 ගුණයකින් වැඩි බවයි මහාචාර්යවරයා පවසන්නේ

බරපතළ සංකූලතා සහිත රෝගීන් ප්‍රතිශතය ද ඉන්දියාවට වඩා තුන් ගුණයකින් ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවයි වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ

බරපතළ සංකූලතා සහිත රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආසාදිතයින් නිසි ලෙස වාර්තා නොවීමයි

මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා වසංගත රෝග විද්‍යාඥයෙකු මෙන් ම ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්යවරයෙකු ද වන අතර ට්විටර් සටහනක් තබමින්ද මේ බව කරුණු දක්වා තිබෙනවා

Share This